FAST NEWS

24×7 Around the Globe

සයිබර් ප්‍රහාරය සිදුකර ඇත්තේ විදෙස් කණ්ඩායම් දෙකක් (Audio)

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා මෙරට වෙබ් අඩවි 13 කට එල්ල වූ සයිබර් ප්‍රහාරය විදෙස්ගත කණ්ඩායම් දෙකක් විසින් සිදුකර ඇති බව මේ වන විට අනාවරණ වී තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී ලාල් ඩයස් මහතා ප්‍රකාශ කළේය.
පසුගිය 18 වනදා එල්ල වූ එක් සයිබර් ප්‍රහාරයක් එක් විදෙස්ගත කණ්ඩායමක් විසින් සහ පසුගිය 19 වනදා එල්ල වූ සයිබර් ප්‍රහාරය තවත් විදෙස්ගත කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබ ඇති බවත් ඔහු පැවසීය.
මේ වන විට සයිබර් ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි 99% ක් යළි යථා තත්ත්වයට පත් කර තිබේ.
මෙම සයිබර් ප්‍රහාරයෙන් කිසිදු දත්තයක් ලබා ගැනීමට එම ප්‍රහාරකයින්ට අවස්ථාව ලැබී නොමැති බවත් ඒ මහතා සදහන්කර සිටී.
මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බවට මීට පෙර තොරතුරු ලැබී තිබූ බවත් ලාල් ඩයස් මහතා ප්‍රකාශ කළේය.
මේ අතර රජයට අයත් ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ ය.