FAST NEWS

24×7 Around the Globe

පොලිස්පති පුජීත් පිළිබඳ පුර්ණ අපරාධ විමර්ශනයක්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධව කඩිනම් පූර්ණ අපරාධ විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත දන්වා ඇති බව නීතිපති දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධව ජනාධිපති පරීක්ෂණ මණ්ඩලය විසින් නීතිපතිවරයා වෙත යොමුකල අතුරු වාර්තා දෙක අධ්‍යනය කිරීමෙන් පසු නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුකර ඇති බව පැවසේ.