FAST NEWS

24×7 Around the Globe

අදත් ප්‍රදේශ කීපයකට මි.මී 100ක තද වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (23) බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.100 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කරයි.
සෙසු පළාත් වල විශේෂයෙන් පස්වරු 2 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.