FAST NEWS

24×7 Around the Globe

දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩුව අද විභාගයට

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරීමට ආරම්භ කළ දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩුව අද (22) විභාගයට ගැණුනි.
ඒ කුලියාපිටිය පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණාගාරයක වාර්තා ප්‍රතික්ෂේප නොකිරීමට මසකට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000 ක් අල්ලස් වශයෙන් ලබාගත් බවට චෝදනා ලැබ සිටින කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව ගොනුකළ නඩුවකි.
අද විත්තිකාර වෛද්‍යවරයාට අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවූ අතර එහිදී විත්තිකරු රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ, විනිසුරු අමල් රණරාජා සහ විනිසුරු ශෂී මහේන්ද්‍රන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළහ.