FAST NEWS

24×7 Around the Globe

රජයේ සේවයකයින් සඳහා වු රු. 2500/- ක දීමනාව ජුලි 01 වැනිදා සිට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 අයවැය මගින් යෝජනා වු රජයේ සේවයකයින් සඳහා වු රුපියල් 2,500 ක මාසික විශේෂ අතුරු දීමනාව ජුලි මස 01 වැනිදා සිට ගෙවිම සඳහා වන චක්‍රලේඛය නිකුත් කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
මේ සඳහා වන චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතිව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනටමත් නිකුත් කර ඇති බවද සඳහන්.
අන්තර් දීමනාව වශයෙන් රු. 2500/- ක් ජූලි 01 සිට ගෙවනු ලැබූවද රාජ්‍ය සේවකයන් හට මාසිකව ගෙවනු ලබන රු.7800/- ජීවන වියදම් දීමනා ගෙවීමද තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.