FAST NEWS

24×7 Around the Globe

අඛණ්ඩ විදුලිබල සැපයුමක් සඳහා අමාත්‍ය කමීටු නිර්දේශ ක්‍රියාත්මක කිරිමට අනුමැතිය..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබාදීම තහවුරු කිරීම සදහා පිහිටවූ අමාත්‍ය කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙනුයි අදාළ කමිටුව ක්‍රියාත්මක කර තිබුණි.
විදුලිබල ක්ෂේත්‍රයේ උද්ගතව ඇති තත්ත්වය අනුව හදිසි බලශක්ති මිලදී ගැනීමක් සිදුකළ යුතු බව කමිටුවේ නිර්දේශය වි තිබේ.
ඒ අනුව අඛණ්ඩ විදුලිබල සැපයුමක් පවත්වාගැනීම සදහා කෙරවලිපිටියේ ස්ථාපිත කරන බත්තල් මත ඉදිකළ මෙගාවොට් 200 ක බලාගාරය මගින් ලබන මාසයේ සිට ඉදිරි මාස 06 දක්වා විදුලිය මිලදී ගැනීමට නියමිතය.
ඒකකයක් රුපියල් 26 සත 20 බැගින් මෙම මිලදී ගැනිම සිදු කෙරේ.
මේ ආකාරයෙන් ගාල්ලේ ස්ථාපිත කළ බලාගාරයෙන් ද විදුලිය මිලදී ගැනීමට නිර්දේශ කර තිබේ.