FAST NEWS

24×7 Around the Globe

වැල්ලම්පිටිය ඕ.අයි.සී ට ස්ථාන මාරුවක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.එස්. හේවාවිතාරණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය මත ගාල්ල කොට්ඨාසයට මාරු කර යවා ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අයත්ව තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයන් තිදෙනෙකු එම ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන තිබු අතර පසුව ඔවුන්ට ඇප ලබාදීමට අධිකරණය කටයුතු කළේය.
ඒ අනුව සැකකරුවන්ට ඇප දිමේදි වැල්ලම්පිටිය පොලීසිය අතින් යම්කිසි වැරැද්දක් සිදුවී ඇතිද යන්න බැලීම සඳහා පරික්ෂණයක් පැවැත්වෙන අතර එහි අතුරු වාර්තාවක්ද පසුගියදා නිකුත් කළේය.