FAST NEWS

24×7 Around the Globe

වව්නියාව මණ්ඩපය වව්විනියාව විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපිත කිරිමට අනුමැතිය..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය වව්විනියාව විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපිත කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමීව තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන හා ව්‍යවහාරික විද්‍යා යන පිඨයන් වව්නියාව මණ්ඩපය තුළ ක්‍රියාත්මක වෙයි.
එම මණ්ඩපයේ මුදල් හා ගණකාධිකරණ, ආර්ථික විද්‍යා හා කළමණකරණ,හෞතික විද්‍යාව හා ජීව විද්‍යාව යන අධ්‍යන අංශයන් ක්‍රියාත්මක වෙයි.
මෙම පාඨමාලාවන්හි ගුණාත්මක බව වර්ධනය කිරිම සඳහා එහි ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට හැකිවන අයුරිනුත් මෙසේ එම මණ්ඩපය විශ්විද්‍යාලයක් බවට පත්කිරිමට අදාළ කැබිනට් යෝජනාව මගින් ඉදිරිපත් කර තිබේ.