FAST NEWS

24×7 Around the Globe

සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට විශේෂ වැඩපිළිවෙළක්

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය ඉරිදා මෙරට වෙබ් අඩවි 13 කට පමණ එල්ල වූ සයිබර් ප්‍රහාරයත් සමග රජයට අයත් ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.
සයිබර් ප්‍රහාරවලින් වැළැකීම සදහා අමතර ආරක්ෂක මෘදුකාංග හඳුන්වා දෙමින් ආරක්ෂාව දැඩි කර ඇති බව එහි තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේය.