FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණයේ සීමා නීර්ණය කිරීම ගැසට් කිරීමට පියවර.

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නීරණය කිරීම ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ප්‍රජාත්‍රන්තීය පාලනය පිළිබඳ අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් ජේ. දඩල්ලගේ මහතා පැවසුවේ, පළාත් පාලන මැතිවරණය සඳහා වූ සීමා නීරණය කිරීමෙන් අනතරුව එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ගැසට් කිරීම සඳහා යොමු කර ඇති බව ය.

අදාළ සීමා නීර්ණය කිරීම සම්බන්ධයෙන් ගැසට් කිරීමට මේ වන විට ලැබී ඇති බව ඒ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණි ෆොන්සේකා මහතා පැවසී ය.

ඔහු සඳහන් කළේ, එහි මූලික සකස් කිරීම් අවසන් කර අවසන් අනුමැතිය සඳහා ජනාධිපති කාර්යාලයට යොමු කර ඇති බව ය.

එම අවසන් අනුමැතිය ලැබීමෙන් පසු පළාත් සභා සඳහා සීමා නීර්ණය කිරීම ගැසට් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.