FAST NEWS

24×7 Around the Globe

ඥාණසාර හිමියන් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන්,වාර්තාවක් කැඳවයි ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බන්ධනාගාර දෙපාර්තුමේන්තුවෙන් අද (21) වාර්තාවක් කැඳවා ඇතැයි වාර්තා වේ.
මෙම රහසිගත වාර්තාව අද සවස් භාගය වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවනු ඇතැයිද පැවසේ.
එම වාර්තාවට අනුව ඥාණසාර හිමියන්ගේ සිරදඬුවම හා කාලය , දැනට ගෙවා ඇති කාලසීමාව සහ බන්ධනාගාරය තුළ හැසිරීම ඇතුළුව සමාලෝචන වාර්තාවක් මීට අයත් වී ඇතැයි ද සඳහන් වේ.
අධිකරණයට අපහස කිරීම ඇතුළුව චෝදනා 4 කට වරදකරුවීම හේතුවෙන් උන්වහන්සේ වසර 19 ක සිරඳඬුවමක් වසර 6 කින් ගෙවීයන පරිදී නියම වුහ.