FAST NEWS

24×7 Around the Globe

නව මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩකටයුතු ඇරඹෙයි

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්ග සංවර්ධන අධිකාරියේ නව මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර මහතා සදහන් කළේය.
මහා පරිමාණ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 34 ක් මේ වන් විට ක්‍රියාත්මක කර ඇත.
දිවයිනේ පැවති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් එම ව්‍යාපෘතිවල මද පසුබෑමක් ඇතිවුවද ඒවා මේ වනවිට යලිත් ආරම්භ කර තිබේ.
මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල නිරතව සිටි විදේශියකයන් කිහිපදෙනෙකු පාස්කු ඉරිදා සිද්ධියෙන් පසුව ආපසු සිය රටවල්වලට ගියද මේ වනවිට ඔවුන් ආපසු පැමිණෙමින් සිටින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.