FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් දිනපතා බුද්ධි අංශ වාර්තා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (21) රැස්වූ පාර්ලිමේන්තු සභා රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායකවරයාගෙන් විමසා සිටියේය.
මෙහිදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කථානායකවරයා ප්‍රකාශකර සිටියේ පාර්ලිමේන්තු සභාව තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ කාලීනව අවධානය යොමු කර තිබෙන බවත් , ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් දිනපතා බුද්ධි අංශය හා අදාළ නිලධාරීන් වාර්තා ලබාදෙන බවත්ය.
පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු නිලධාරියා සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කෙරෙන බව එහිදී කතානායකවරයා සඳහන් කළේය.