FAST NEWS

24×7 Around the Globe

වාස් ගුණවර්ධනගේ අභියාචනා විභාගයට දින නියම කෙරේ..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) -2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් දොම්පේ ප්‍රදේශයේ දී මරා දැමීමේ චෝදනා වලට වරදකරුව මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් ලබන සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 04 වැනි දා තෙක් විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල අද (21) තීන්දු කළහ.
ඒ අනුව අදාළ අභියාචනා සැප්තැම්බර් 18 වැනි දා සිට විභාගයට ගන්නා බව පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේය.
කෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය පනවනු ලැබුවේය.
තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් එම අභියාචන ඉදිරිපත් කර තිබේ.