FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශයේ රි යුනියන් දූපතට ශ්‍රිලාංකිකයන් 120 දෙනකු ගෙන ගියඉන්දුනීසියා ජාතික මිනිස් ජාවාරම්කරුවන් තිදෙනාට සිර දඬුවම්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ප්‍රංශයේ රි යුනියන් දූපතට ශ්‍රීලාංකික සංක්‍රමණිකයන් 120 දෙනකු රැගත් බෝට්ටුවක් පසුගිය වසරේ රැගෙන ගිය ඉන්දුනීසියා ජාතික මිනිස් ජාවාරම්කරුවන් තිදෙනාට මාස 12 සිට 18 දක්වා කාලයක සිර දඬුවමක් ප්‍රංස අධිකරණයකින් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“සංවිධානාත්මකව ජන කණ්ඩායම් රටට ඇතුළු කිරීම හා අක්‍රමික අයුරින් රඳවා සිටීම යන චෝදනා යටතේ” මෙම මිනිස් ජාවාරම්කරුවන් තිදෙනාට නඩු පැවරිණි. පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ දී ප්‍රංශයේ රි යුනියන් දූපතට පැමිණි ශ්‍රීලාංකික සංක්‍රමණිකයන් “නීතිවිරෝධී” සංක්‍රමණිකයන් පිරිසක් බවට සැක කෙරිණි. මේ පිරිස මිනිස් ජාවාරම්කරුවනට ගොදුරු වූ අය ලෙස ද සැලැකිණි. මීගමුව ධීවර වරායෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගිය යාත්‍රාවකින් මෙම පිරිස ප්‍රංශයේ රියුනියන් දූපත වෙත නීති විරෝධී ආකාරයෙන් සංක්‍රමණය වී ඇති බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබිණි.
ප්‍රංශයේ රි යුනියන් දූපතට ශ්‍රීලාංකික සංක්‍රමණිකයන් 120 දෙනකු රැගත් බෝට්ටුවක් පසුගිය වසරේ රැගෙන ගිය ඉන්දුනීසියා ජාතික මිනිස් ජාවාරම්කරුවන් තිදෙනා මේ අනුව මිනිස් ජාවාරමේ නිරත පිරිසක් ලෙස ප්‍රංස අධිකරණයක් තීන්දු කළේ ය. ඒ අනුව මේ පිරිසට දඬුවම් නියම කෙරිණි.
පරීක්ෂණවලින් අනතුරුව ප්‍රංශයේ රි යුනියන් දූපතින් පිටුවහල් කළ ශ්‍රිලාංකිකයන් 64 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී ආගමන විගමන නිළධාරින් භාරයට ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරිණි.මෙම පිරිස ප්‍රංශයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපලට ළගා වූ අතර ඔවුන් ශ්‍රි ලංකාවට භාර දීම සදහා ප්‍රංශයේ ආරක්ෂක නිළධාරින් 70ක පමණ කණ්ඩායමක්ද පැමිණ තිබුණු බව ද වාර්තා විය.පිටුවහල් කල පිරිස අතර කාන්තාවන් 6දෙනෙකු සහ කුඩා දරුවන් 4දෙනෙකු ද වූ බව වාර්තා විය.