FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ඉල්ලු පෙත්සම ඉවතට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොළඹ නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවල මහත්මිය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කරන ලදි.
ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.