FAST NEWS

24×7 Around the Globe

මාඔයේ තිබී සොයාගත් සිම් 1500 ක් ගැන විශේෂ විමර්ශණයක්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාඔයේ සඟවා තිබියදී මීගමුව – කොච්චිකඩේ ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ සිම් කාඩ්පත් 1500  සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර , මෙම සිම්කාඩ් තොගය ගෝනියක දමා තිබෙන අයුරු දැක තිබුණේ මාඔයේ මසුන් ඇල්ලීම සඳහා ගිය තරුණයින් පිරිසක්.
අදාළ සිම්කාඩ් තොගය අයත් දුරකථන සමාගමෙන් මේ පිළිබදව වාර්තාවක් කැදවීමට පොලිසිය විසින් පියවර ගෙන ඇත.
සිම්කාඩ්පත් තොගය භාවිතයට ගෙන නොමැති ඒවා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.