FAST NEWS

24×7 Around the Globe

මදුමාධව පොලිසියට නොයයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මිනුවන්ගොඩ සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රශ්න කිරීමට කැඳවනු ලැබූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක කොළඹ මහා නගර සභාවේ හිටපු මන්ත්‍රී මධුමාධව අරවින්ද මහතා ඊයේ (20) දිනයේදිද මිනුවන්ගොඩ පොලිසිය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වේ.
මධුමාධව අරවින්ද මහතාට පෙරේදා(19) දිනයේත් මිනුවන්ගොඩ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නද එදිනත් ඔහු පොලිසියට නොපැමිණි බව පොලිස් ආරංචි මාර්ග කියයි.