FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යන කටයුතු අද (21) සහ හෙට (22) ආරම්භ කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යන කටයුතු අද(21) සහ හෙට (22) ආරම්භ කිරිමට නියමීතය.
ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම, සම සෞඛ්‍ය සහ වෛද්‍ය පීඨ අද (21) ආරම්භ කෙරේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු අද (21) ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේය.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (21) සිට ආරම්භ කෙරේ.
සෙසු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ද මෙම සතිය තුළ අරම්භ කිරීමට සැලසුම් කර තිබේ.