FAST NEWS

24×7 Around the Globe

මාධ්‍ය ත්‍රස්තවාදය වැළක්විය යුතුයි – නියෝජ්‍ය ඇමති අබ්දුල් මහරුෆ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැනට රටේ පවතින මාධ්‍ය ත්‍රස්තවාදය වහාම නතර කලයුතු බව වරාය හා නාවික කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් මහරුෆ් පවසයි.
මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වෙන්නේ ඇමති රිෂාඩ්ට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය පිළිබඳවයි.එයින් පෙනෙන්නේ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ඇති දේශපාලන ඉරිසියාව බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් මහරුෆ් මේ බව පැවසුවේ අට්ටාලච්ඡේන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමිනි.
ඔලුවිල් ප්‍රදේශයේ ඉඩම් අහිමිවූවන් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රධානය කිරීම අද (20) අට්ටාලච්ඡේන ප්‍රදේශයේදී සිදු කෙරුණි.
මෙහිදී රුපියල් මිලියන 34.4ක් පුද්ගලයින් 20 දෙනෙකු අතරේ බෙදා දුන්නේය.