(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 89 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කොළඹ අද (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.
පුද්ගලයින් 69 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සහ තවත් 20 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ පසුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ප්‍රහාරයට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.








