FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ අධ්වේගී දුම්රිය අනතුරකින් 38 ක් රෝහලේ.

ඉන්දියාවේ ටි‍්‍රචී ප‍්‍රදේශයේ පූවානූර් දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වූ දුම්රිය අනතුරකින් මගීන් 38 දෙනෙකු තුවාල ලබා ඇත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි..

අනතුරින් තුවාල ලැබූවන් අතර කාන්තාවන් 25 දෙනෙකුද සිටින බව හින්දු පුවත්පත වාර්තා කරයි..

අධිවේගී දුම්රියක් වන මෙම දුම්රිය පූවානූර් ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව ඇත.

තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ප‍්‍රකාශකයන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.