FAST NEWS

24×7 Around the Globe

සයිබර් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවිවලින් 90% ක් යථා තත්ත්වයට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සයිබර් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවිවලින් 90 % ක්ම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව පරිගනක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සදහන් කරයි.
පෙරේදා (18) එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් වෙබ් අඩවිවල හැඩරුව හා එම වෙබ් අඩවි වල අඩංගු දත්ත වෙනස් කිරීමත්,යම් වෙබ් අඩවි ප්‍රමාණයක් අඩපණ කිරිමත් සිදුව තිබේ.
රජයේ වෙඩි අඩවි සදහා මේ වනවිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන අතර , ඒවා නිරතුරු නිරීක්ෂණයට ක්‍රියාකරන බව මීගස්මුල්ල මහතා පැවසීය.
වෙබ් අඩවි 55ක් එම සයිබර් ප්‍රහාරයට ලක්විය.