FAST NEWS

24×7 Around the Globe

IS සබඳතා ඇතැයි සැකපිට ඇල්ලූ පාර්ලිමේන්තු භාෂා පරිවර්තක රඳවාගෙන ප්‍රශ්න කරයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ISIS ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට ඊයේ (19) දිනයේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයා මාස 03ක කාලසීමාවක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය ප්‍රකාශ කරයි.
හදිසි නීති රෙගුලාසි යටතේ ජමාල්ඩීන් නෞෂාඩ් නැමති මෙම සැකකරු රඳවා තබාගෙන ඉදිරි පරීක්ෂණ සිදුකරනු ලැබේ.
කුරුණෑගල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම සැකකරු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.