FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානය – ශ්‍රී ලංකාව අතර වෙළඳාම තාවකාලිකව ඇණහිටියි

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම තාවකාලිකව ඇණහිට ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා සදහන් කරයි.
පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට හාල් හා රෙදි පිළි අපනයනයන් නැවතී ඇති බවත් පාකිස්තාන අල අපනයනය කිරීමද අඩුවෙමින් යන බවත් , පාකිස්තාන ව්‍යාපාරික සංසදයේ සභාපති අස්ලම් පඛාලි සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අස්ලම් පඛාලි මහතා,
“ පාකිස්තානයෙන් නිශ්පාදන ආනයනය කරන්නේ ශ්‍රී  ලංකාවේ මුස්ලිම් ප්‍රජාවයි. ඔවුන් ඒවා ලංකාවේ අලෙවි කරනවා. ඔවුන් පාකිස්තාන අපනයනකරුවන්ගේ හවුල්කරුවන්. පාකිස්තානයෙන් අපනයනය කළ භාණ්ඩ  ශ්‍රී ලංකා වරායෙන් ගොඩ බාන්නේ නෑ. ශ්‍රී  ලංකාවේ පවතින තත්ත්වය අනුව ආනයන කරුවන් එම භාණ්ඩ නිදහස් කර ගන්නේ නෑ”.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් පාකිස්තාන ආනයනකරුවන්ට ඩොලර් මිලියන 30 ක පමණ මුදලක් අයවිය යුතුව තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.