FAST NEWS

24×7 Around the Globe

බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (20) දිනයේ සහ ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 100 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.