FAST NEWS

24×7 Around the Globe

සයිබර් ප්‍රහාරයෙන් අඩපණ වූ වෙබ් අඩවි යළිත් යථා තත්ත්වයට…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුවේට් තානාපති කාර්යාලය මෙන්ම ඩොට් එල් කේ සහ ඩොට් කොම් යන වෙබ් අඩවි 11 කට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් අඩපණ වූ එම වෙබ් අඩවි මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර, මෙම වෙබ් අඩවිවල පිවිසුම් පිටුව විකෘති කිරීමක් සිදුකරමින් මෙලෙස සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කර සිටියේය.
මෙලෙස අනවසර පිවිසුමට ගොදුරුවී ඇති ආයතන අතර, පෞද්ගලික ආයතන, රජරට විශ්වවිද්‍යාලය සහ තේ පර්යේෂණායතනයද ඇතුළත්.
මෙය කවුරුන් විසින් එල්ල කළේ ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.