FAST NEWS

24×7 Around the Globe

විදෙස් තානාපති කාර්යාලය කිහිපයක වෙබි අ⁣ඩවි වලට සයිබර් ප්‍රහාරයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාල වෙබ් අඩවියක් ඇතුළු වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, රවිදු මීගස්මුල්ල මහතා සඳහන් කළේය.
ඒ අනුව .lk සහ .com වෙබ් අඩවි කිහිපයකටත් මෙම සයිබර් ප්‍රහාරය එල්ල වි තිබේ.
මෙම වෙබ් අඩවි යථා තත්වයට පත් කිරීම සඳහා එස්. එල් සර්ට් ආයතනයට අමතරව ටෙක්.සර්ට් ආයතනය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කරගෙන යන බව රවිදු මීගස්මුල්ල මහතා සඳහන් කළේ ය.