FAST NEWS

24×7 Around the Globe

දශක 03 ක කුරිරු යුද්ධයේ දසවර්ෂාභිෂේක සැමරුම් උළෙල හෙටයි…

  (ෆාස්ට් නිව්ස් | කොළඹ) – දශක 03 කට ආසන්න කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා අද (18) දිනයට වසර 10 ක් සපිරේ.
මේ උදෙසා වන දසවර්ෂාභිෂේක සැමරුම් උළෙල හෙට (19) පස්වරු 03 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.
ආරක්ෂක අමාත්‍යංශය, සියලු මහජනතාව වෙත දැනුම් දෙන්නේ හෙට රාත්‍රී 7.00 ට ආගමික ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතන මෙන්ම සියලුම නිවෙස්වල සාමයේ පහනක් දල්වා ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ ජීවිත කැප කළ වීරෝධාර රණවිරුවන් ස්මරණය සිදුකරනා ලෙසටයි.
ත්‍රිවිද හමුදාවේ මියගිය සහ ආබාධිත වූ රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතය.