FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාපනය කස්තුරියාර් පාර ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් සිදු කළ වැටලීමකදී ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් වෙළඳ සංකීර්ණයක සේවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය පවසයි.

රැකියා ස්ථානය තහවුරු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා යාපනය පොලිස් ස්ථානයට භාර දීමට නියමිතයි.