FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධීව මත්පැන් විකුණන්නන් අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරින් 1200ක්

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුරාබදු නිලධාරින් 1200 ක පමණ පිරිසක් නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට යොදවාගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

වසා දමා ඇති මත්පැන් අලෙවිසැල් වලින් යම් කිසි පුද්ගලයෙක් වෙත මත්පැන් විකුණන්නේ නම්, එම අලෙවිසැල්වලට එරෙහිව දැඩිව නීතිමය පියවර ගන්නා බව එතුමා වැඩිදුරටත් කියා සිටියේය.