FAST NEWS

24×7 Around the Globe

බෞද්ධ ඉතිහාසයක් පිළිබඳ අවබෝධයක් ඇති අපි, අවි ආයුධ බලය අතිශය තාවකාලික බව වටහා ගත්තෝ වෙමු – ජනාධිපති.

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – බුදුන් වහන්සේ දේශනා කළ ‘වෛරයෙන් වෛරය නොසංසි‍‍ඳේ – අවෛරයෙන් වෛරය සංසි‍ඳේ’ යන සදාතන සත්‍ය කෙරෙහි යළි යළිත් අපේ සිත් පිහිටුවාලීම කෙරෙහි වීර්යවත් විය යුත්තේ මෙබදු මොහොතක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා කියා සිටියේ බලය පිණිස උනුන් වනසා ගැනීම ඉක්ම වූ, අපරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැඟීම පිළිබඳ බුදුන් වහන්සේගේ අනුශාසනය මේ අනගි වෙසක් දිනයේ අප විසින් යළි මෙනෙහි කල යුතු බවයි.

තවද ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවටත්, ලොව පුරා වෙසෙන සියලු බොදුනුවන්ටත් සැනසුම්දායක වෙසක් මංගල්‍යයක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා නිකුත් කල නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.