FAST NEWS

24×7 Around the Globe

මෙරටට ශරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නෑ – අගමැති

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශරියා විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (17) පැවැසීය.
මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සමඟ පැවති සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තව දුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
මෙරටට ශරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරන ලබන ආයතන හැමටම විවෘත විය යුතු බවට සහ සියලූ දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන වෙනත් කොන්දේසි ද ඊට ඇතුලත් කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය