FAST NEWS

24×7 Around the Globe

පවත්නා වාතාවරණය හමුවේ ජනතාවගේ අවධානය යොමු විය යුතු නිවේදනයක්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට රට තුළ පවතින වාතාවරණය හමුවේ පොදු ජනතාවගේ අවධානයට යොමු විය යුතු නීති රෙගුලාසි හා වගන්ති කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනයෙන් දැක්වෙන්නේ, මහජනතාව බිය වැද්දවිය හැකි හෝ කැළඹිය හැකි කිසිම කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් කට වචනයෙන් හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම නොකළ යුතු බවයි.
මෙම රෙගුලාසි උල්ලංඝනය කරන අයෙකු වරදකරු වී නම් මාස 03ත් අවුරුදු 05ත් අතර බරපතළ වැඩ සහිත සිර දඬුවමකට යටත් කළ හැක.
අදාළ නිවේදනය පහතින්…

rel1

re2

re3