FAST NEWS

24×7 Around the Globe

ඇමති රිෂාඩ්ගෙන් යුධ හමුදාපතිගේ කතාව පිළිබඳව පැහැදිලි කිරිමක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අවස්ථා කිහිපයකදී තමන් යුධ හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායකට දුරකතන ඇමතුම් ලබා දුන් නමුත් එම ඇමතුම් පුද්ගලයෙක් නිදහස් කිරිම උදෙසා වන එවා නොවන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍ය වෙත පැවසීය.
මීගමුවේ මුස්ලිම් ජනතාව සිය ආරක්ෂාව තහවුරු කරන්නැයි සිදුකළ අවස්ථාවකදි හා යම් පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව ඇතැයිද සොයා බලන්නැයි කළ ඉල්ලිමකට අනුව එම කරුණු පිළිබඳව විමසා බැලිම සඳහා හමුදාපතිවරයා වෙත මෙසේ ඇමතුම් ලබා දුන් බවද හෙතෙම පැවසීය .
එම ඉල්ලිම තමාට පමණක් නොව අනෙක් මැතිඅමැතිවරුන්ටද සිදු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව තොරතුරු විමසීමට පමණක් තමන් යුධ හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායකට දුරකතන ඇමතුම් ලබා දුන් බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.
දෙහිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පිළිබඳව අමාත්‍යවරයෙක් තමන්ගෙන් විමසීමක් කල බවත් ,එය බලපෑම් කිරීමක් බවට ඇතැම් මාධ්‍ය හුවා දැක්වුවද මෙය තමන්ගෙන් කල ඉල්ලීමක් ලෙස ප්‍රකාශ කිරීමට කැමති බව , යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සඳහන් කළේය.
යුධ හමුදාපතිවරයා සහ අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතාගේ ප්‍රකාශ

එසේම ඕනෑම පුද්ගලයෙක්ට තමාගෙන් මෙවැනි ඉල්ලිම් කළ හැකි බවද ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදි හමුදාපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර තිබුණි.