FAST NEWS

24×7 Around the Globe

මෙවර දන්සැල් ලියාපදිංචිය අවම අගයක…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර වෙසක් උත්සවය සදහා මේ වනතෙක් ලියාපදිංචි වී ඇත්තේ දන්සල් 95 ක් පමණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
ඉතා සැලකිය යුතු ප්‍රමාණයක් දන්සල් ලියාපදිංචිය අඩුවී ඇති අතර , සාමාන්‍යයෙන් වෙසක් සමයේදී දන්සල් 6000 කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වන බවද එම සංගමය පෙන්වා දෙයි.