FAST NEWS

24×7 Around the Globe

ජාතික හැඳුනුම්පත සඳහා පවතින ඉල්ලුම ඉහළ යයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ පවතින වාතාවරණය හේතුවෙන් ජාතික හැඳුනුම්පත සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇත.
මේ පිළිබදව අදහස් දක්වමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ , එක්දින සේවාව යටතේ අලුතින් හැඳුනුම්පතක් ලබාගැනීමට දිනකට අයදුම්පත්‍ර 2000 ත්, 2500 ත් අතර ප්‍රමාණයක් තම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන බවත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර එලෙස ලැබුණේ අයදුම්පත්‍ර 1000 ත්, 1500 ත් අතර ප්‍රමාණයක් බවත්ය.
එක්දින සේවාව යටතේ කඩිනමින් හැඳුනුම්පත් සකස් කිරීමට දෙපාර්තමේන්තුව තුළ විශේෂ වැඩපිලිවෙලක් සකස් කර ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.
මෙතෙක් කාලයක් ජාතික හැඳුනුම්පත වෙනුවට විදේශ ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය භාවිත කළ පුද්ගලයින් මෙලෙස එක්දින සේවාව යටතේ අයදුම්පත්‍ර යොමු කර ඇත.
ආරක්ෂක අංශ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන හෙයින් පුද්ගලයින් කඩිනමින් ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීමට පෙළඹී ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක වැඩිදුරටත් සඳහන් කළේය.