FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති පරිසර සම්මාන 2019 සඳහා අයදුම්පත් කැඳවීම දිර්ඝ කෙරේ…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ජනාධිපති පරිසර සම්මාන 2019 වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය 2019 ජුනි මස 14 දින දක්වා දීර්ඝ කර තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ප්‍රධාන අංශ 2ක් යටතේ ක්ෂේත්‍ර 20 ක් සඳහා මෙවර අයඳුම්පත් කැඳවා ඇති අතර, එම ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායම්හි ඉල්ලීම පරිදි මැයි 15 දින සිට ජුනි 14 දින දක්වා අයදුම්පත් ලබාගැනිමේ කාලය මසකින් දීර්ඝ කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියේ මුලිකත්වයෙන් මෙම සම්මාන ප්‍රදානොත්සවය සංවිධානය කර ඇත.