FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මන්ත්‍රීවරු අද (17) ජනපති හමුවෙති.

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පොදු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (17) පැවැත්වෙන බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.