FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් පිරිසක් වෙසක් පෝ දා නිදහස් වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙනෙකු නිදහස් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදී වෙසක් පුර පසළොස්වක පෝදා (18) පෙරවරු 10 ට සිදු කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව සිරකරුවන් 736 දෙනෙකු සහ සිරකාරිනියන් 26 දෙනෙකු පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිතය.
බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කිරීම මෙවර විශේෂත්වයකි.
ඒ යටතේ වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 117 ක්, පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවන් 62 ක්, මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 55 ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් 50 ක්, පල්ලන්සේන සිර කඳවුරෙන් සිරකරුවන් 53 දෙනකු වශයෙන් බන්ධනාගාර තිහක සිරකරුවන් නිදහස් කෙරෙනු ඇත.
ස්ත්‍රි දූෂණ, බාල අපරාධ හා මත්ද්‍රව්‍ය වැනි වැරදි සඳහා දඩුවම් ලබා සිටින සිරකරුවන් හැර අනෙකුත් සුළු වැරදි සම්බන්ධව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් මෙසේ නිදහස් කිරීමට නියමිතය.