FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්වය සැලසුම් කළ පරිදිම…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සැලසුම් කර ඇති පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.
රටේ පැවති තත්ත්වය හමුවේ විභාග කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඔහු පවසයි.
පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වී ඇති බැවින් සිසුන් ඒ සඳහා යොමු කරවීම දෙමව්පියන්ගේ වගකීමක් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම පාසල්වල දෙවන වාර විභාගයද නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.