FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ DNA වාර්තාව හෙට(17) හෝ අනිද්දා(18) අධිකරණයට..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ ඩී.එන්.ඒ. වාර්තාව ලබාගැනීම සඳහා ඔහුගේ බිරිඳගේ සහ දියණියගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර, එම වාර්තාව හෙට (17) හෝ අනිද්දා (18) සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් සහ ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සදහා ඩී.එන්.ඒ. වාර්තාවක් කැදවන ලෙසට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දුන්නේ පසුගිය 09 වනදායි.
එම නියෝගය අනුව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සහරාන්ගේ බිරිඳ සහ දියණියගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබීය.