FAST NEWS

24×7 Around the Globe

දස වන විජයග්‍රහණ සැමරුම ලබන 19 වනදා…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – දශක 03 ක් පුරාවට මෙරට පැවති යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ දසවන සැමරුම ලබන 19 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඞී. හේමචන්ද්‍ර මහතා මේ බව කියා සිටියේය.