FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය වෙසක් උත්සවය හෙට (17) සහ අනිද්දා (18) රත්පත් විහාරයේදී…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හෙට (17) සහ අනිද්දා (18) තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
හෙට (17) පස්වරුවේ පැවැත්වෙන ජාතික උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර , අනිද්දා (18) පැවැත්වෙන ආගමික වතාවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් සමරු මුද්දර තුනක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මේ අතර ආබාධිත සහ දිවිපිදූ රණවිරුවන් සිහි කෙරෙන රණවිරු උත්සවය ජනාධිපතිතුමාගේ , අගමැතිතුමාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දියවන්නා රණවිරු ස්මාරකය අබියසදී ලබන ඉරිදා පස්වරු 3.00 ට පැවැත්වෙයි.