FAST NEWS

24×7 Around the Globe

අයි.එස් සම්බන්ධකම් ඇතැයි කියන වත්තල ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන වත්තල – මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (15) සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මොහු සතුව ජර්මනියේ නිෂ්පාදිත මෙතෙක් හඳුනා නොගත් වර්ගයක පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක්ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එසේම මොහු සතුව ගමන් බලපත්‍ර දෙකක් තිබූ අතර වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඒවා පොලිස් බාරයට ගෙන ඇති බවත් පැවසේ.