FAST NEWS

24×7 Around the Globe

බලපත්‍ර නොමැති පුපුරණ ද්‍රව්‍ය භාරදීමට ඇති කාලය දීර්ඝ කරයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – බලපත්‍ර රහිතව නිතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටින පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව පොලිසියට දැනුම්දීම සඳහා ලබා දී ඇති කාලය දීර්ඝ කිරීමට පොලිසිය තීරණය කර ඇත.
ලබන 20 වනදා පෙරවරු 06.00 දක්වා එම කාලය දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම කාලය අවසන් වූ පසුව දිවයින පුරා විශේෂ මෙහෙයුමක් දියත් කරන බව ද පොලිසිය පවසයි.