FAST NEWS

24×7 Around the Globe

තෙදිනක් පුරාවට සීගිරිය නොමිලේ නැරඹීමට අවස්ථාව…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙසක් උත්සවය හා ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව සීගිරිය හා එහි කෞතුකාගාරය මේ මස 18, 19, 20 යන තෙදින පුරා දේශීය සංචාරකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කරයි.
එම දිනයන් තුළදී සීගිරියේ කැණීම් තුළින් හමු වූ පුරාවස්තු ප‍්‍රදර්ශනයක් හා අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ද කි‍්‍රයාත්මක කෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිගිරි වියාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.
වැඩි සංචාරක ආකර්ෂණයක් ඇතිවන අයුරින් සහ පරිසර හිතකාමී කලාපයක් ලෙස වර්තමානයේ දී සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය සංවර්ධනය කර ඇතැයි එම නිලධාරියා පැවසීය.
මෙම වැඩසටහන අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ.‍
සංචාරකයින් සඳහා යුද හමුදාව, ගුවන් හමුදාව සහ සීගිරිය පොලීසියද විශේෂ ආරක්ෂාවක් සළසා තිබේ.