FAST NEWS

24×7 Around the Globe

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි වර්ෂාපතනයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (16) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇතිවිය හැකි අතර , ඌව, නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.