FAST NEWS

24×7 Around the Globe

මායාදුන්න වෙනුවට බිමල් පාර්ලිමේන්තුවට.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරුණු සරත් මායාදුන්න මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වන මන්තී‍්‍ර ධුරය සඳහා බිමල් රත්නායක මහතා පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ ඉදිරි දිනකදී බිමල් රත්නායක මහතා මන්තී‍්‍රවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවයි.

බිමල් රත්නායක මහතා ඉකුත් මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරග වැදුණා.