FAST NEWS

24×7 Around the Globe

ජනපති යළි දිවයිනට..

අන්තර්ජාතික සමුළුවක් සදහා චීන සංචාරයකට එක්ව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අද (16) දින අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙම පිරිස අද (16) දින අලුයම 5.15 ට චීනයේ බිජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව අප ගුවන්තොටුපොළ  වාර්තාකරු පැවසීය.